{"Header": ["\nවැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කෙරේ"], "Time": ["\n03 Aug, 2019\t", "| 7:10 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/08/03/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%a9-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e2%80%8d%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d/", "Content": "COLOMBO (News 1st) – අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 6.00ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයායි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ."} |